Tuesday, June 2, 2015

Mage Hithe Lyrics (මගේ හිතේ) - Shehan Kaushalya





Amathaka wenne na (අමතක වෙන්නේ නෑ) - T.M. Jayarathne





Mathakaya aragena yanna lyrics - මතකය අරගෙන යන්න





මතකය අරගෙන යන්න
යනවානම් මා අතැර
මා ළඟටම වී සිටිය
කාලය අමතක නොකර

ළඟපාත නෑ දැන් කවුරුවත්
හෙවනැල්ල විතරයි මගේ
හිත ගාව ඇයි ඔබෙ රුව මකා
තනිකම ඇවිත් නැවතුනේ
මියදේවී මා ඔබ දිවුරූ නිසා
හැමදාම ඔබ මගේ කියා

මෙතුවක් ඔබේ හසරැල් මතින්
ලියවුණු මගේ ජීවිතේ
එනමුත් අපේ දහසක් පැතුම්
මගෙ හද තුළම මියගියේ
මියදේවී මා ඔබ දිවුරූ නිසා
හැමදාම ඔබ මගේ කියා