දෑසේ ඔය රුව මැවිලා
නෑ ළඟ සැනසුම රැඳිලා
කාලය හෙමිහිට ගෙවිලා
යයි තව අපි දුර ඇදිලා
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජිවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබෙ සතුටයි මට ඕනා
රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ
මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ
ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ
පාලුවේ තනිවෙලා මා ඉන්නවා
ඔබ ළඟින් උන් කාලයේ දුන් ආදරේම ජීවිතේ වෙලා
මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ
දුක දන්නේ කවුරුද මගෙ ඇස් වාගේ
සැනසෙන්නම් උන්නානම් නෙතු මානේ
මියදෙන්නම් ළඟටම වී ඔය තුරුලේ