Sunday, May 17, 2015

Piyamanne (Siyumali Obe Watha) Lyric - පියමැන්නේ (සියුමැලි ඔබෙ වත)

 
පියමැන්නේ ඇයිද එ‍සේ
රිදවාලා ඔබ මසිත මෙසේ
දුරගව්වේ මා ඉන්නේ
මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ

සෙවනැලි මාවතේ
ඇඳි ඒ ජීවිතේ
රැළි මත සාගරේ
මතු වේවා සදා ඒ සිහිනේ

සියුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල කී කතා
ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ

සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හද අරණේ රැඳුණු සෙනේ
පුබුදා සොයනු මැනේ හසරැල්ලේ

නැතුවත් මේ බවේ
මතු එන ජීවිතේ
සැමදා ඒ සෙනේ
සතු වේවා සදා ළඳුනේ.............

No comments:

Post a Comment